fbpx
තවත්
    මුල් පිටුවCOVIDසියලුම හොංකොං වැසියන්ගෙන් කොරෝනා පරීක්ෂා කිරීමට සැරසෙයි

    සියලුම හොංකොං වැසියන්ගෙන් කොරෝනා පරීක්ෂා කිරීමට සැරසෙයි

    හොංකොං හී වෙසෙන සියලුම ජනයාට කොරෝනා පරික්ෂාවක් සිදු කරගැනීම අනිවාර්ය කරමින් හොංකොන් රජය නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව හොංකොන් හී වෙසෙන ලක්ෂ හැත්තෑ පහකට අධික ජනතාව මාර්තු මාසයේ අග සිට කොරෝනා පරීක්ෂණ තුනකට භාජනය විය යුතුය බවට හොංකොං ප්‍රධාන විධායක පාලික කැරී ලෑම් ප්‍රකාශ කර ඇත.

    හොංකොන් හී කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඛණ්ඩය වර්ධණය වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව ප්‍රධාන විධායක පාලිකාව පවසයි.

    හොංකොන් ප්‍රධාන විධායක පාලිකව පවසන අන්දමට සියලුම වැසියන් පී.සී.අර්. පරීක්ෂණ තුනකට භාජනය කිරීමට නියමිතය. එහිදී සෑම පී.සී.ආර් පරීක්ෂණයකින් සතියක කාල පරතරයක් පවත්වාගෙන යමින් සිදු කිරීමට නියමිතය.

    “ලක්ෂ හැත්තෑවක් පමණ ජනගහනයක් පමණක් ජීවත්වන නිසා සිතියක් ඇතුලත් පළමු ඒ සියලුදෙනාගේම පළමු වටයේ පරීක්ෂාව සතියත් ඇතුලත සිදුකිරීමට හැකිවෙයි.” යනුවෙන්ද ඇය ප්‍රකාශ කර ඇත.

    චීනයේ විශේෂ පරිපාලන ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යන හොංකොං හීද චීනයට සමාන කොරොනා ආසාදිතයිනගේන තොර කළාපයක් ලෙස පවත්වාගෙන යාමට උත්සහ කරයි.

    කෙසේ වෙතත් කොරෝනා රෝගීන්ගෙන් තොරව ජීවත්වීමට මේවන විට චීනය පමණක් උත්සහ කරමින් සිටියි. බොහොමයක් යුරෝපා රටවල් මේවන විට කොරෝනා වෛරසය සාමන්‍ය වෛරසයක් තත්ත්වයට සලකන මට්ටමට පත්ව තිබීමද විශේෂත්වයකි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.