fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ දරුවකු හදාවඩා ගැනීම මහමෙරකටත් වඩා බරක් වෙලා

    චීනයේ දරුවකු හදාවඩා ගැනීම මහමෙරකටත් වඩා බරක් වෙලා

    චීනයේ එක් දරුවකු හදා වඩා ගැනීම සඳහා ලොව වැඩිම මුදලක් වැය කිරීමට සිදුවන රට කිහිපය අතරට පැමිණ ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වේ.

    ඒ අනුව චීනය තුල දරුවකු හදා වඩා ගැනීමට එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය මෙන් හත් ගුණයක මුදලක් වැය කිරීමට සිදුවන බවද මෙම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබේ.

    චීනයේ බීජිං නගරයේ පිහිටි යුවා ජනගහන සමීක්ෂණ ආයතනය විසින් සිය නවතම සමීක්ෂණ වාර්තාව මගින් මෙම අනාවරණය කර ඇති අතර එහිදී චීනය තුල දරුවකු උපතේ සිටි වයස අවුරුද 18 දක්වා හදා වඩා ගැනීමට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් හත්තෑහය දහසක් වැය කිරීමට සිදුවන බවට අනාවරණය කර ඇත.

    මෙම අනාවරණයක් සමඟ චීනය දරුවකු හදා වඩා ගැනීමට ලොව දෙවැනියට වැඩිම මුදලක් වැය කිරීමට සිදුවන රට බවට පත්ව ඇත. ඒ අනුව චීනයට වඩා දරුවකු හදා වඩා ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ දකුණු කොරියාවට පමණක්ය.

    චීනයේ දරුවන් සඳහා වැයක කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය ඇමරිකාවට සාපෙක්ෂව ඉතාම ඉහළ අගයක් ගනී. ඇමරිකාව තුල දරුවකු හදා වඩා ගැනීමට එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදතියෙන් හතර ගුණයක් පමණක් වැය කිරීමට සිදුවන අතර ජපානයේද එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් හතර ගුණයක් වැය කිරීමට සිදුවන බවට ගණන් බලා තිබේ.

    කෙසේ වෙතත් චීනයේ ප්‍රධාන නගරවල දරුවක හදා වඩා ගැනීමට අදාල සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ මුදලට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවටද වාර්තාවේ.
    ඒ අනුව ෂැංහායි සහ බීජිං නගර වල දරුවකු හදා වඩා ගැනීමට චීන යුවාන් මිලියනයකට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවට අනාවරණය වන අතර චීනයේ අඩුම දරු උපත් අනුපාතය වාර්තා වන්නේද මෙම නගර වලිනි.

    මෙම තත්ත්වයත් සමඟ චීනයේ දරු උපත් අනුපාදය පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් පහළ බැසීමක් වාර්තා විය. එරට ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත වලට අනුව චීනයේ දරු උපත් අනුපාතය සෑම පුද්ගලයින් දහසකින්ම දරු උපත් 7.52ක් දක්වා පහළ බැස තීබේ.

    මෙලෙස දරු උපත් අනුපාතය සීඝ්‍රයේ පහළ බැසීමට එරට දරුවන් හදා වඩා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට හේතුවක් වී තිබේ. ඒ හෙතුවෙන් බොහොමයක් නව යුවලවල් දරුවන් බිහි කිරීමට දැඩි අකමැත්තක් දක්වන බවටද පසුගිය කාලයේදී වාර්තා විය.

    ඒ අනුව උද්ගත වී ඇති තත්ත්වයත් සමඟ චීනයේ වයස් ගත ජනහනය සීඝ්‍ර ඉහළයාමත් පෙන්නුම් කරන අතර එය එරට ශ්‍රම බලකායට විශාල බලපෑමක් එල්ල කර තිබේ. මෙලෙස ශ්‍රම බලකාය පහත යාම චීනයේ ආර්ථික වාර්ධන වේගයටද ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට අර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.