තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉලෙක්ට්‍රික් වාහන පෙන්වා මුදල් රැස්කල ව්‍යාපාරිකයා අත්අඩංගුවට

    ඉලෙක්ට්‍රික් වාහන පෙන්වා මුදල් රැස්කල ව්‍යාපාරිකයා අත්අඩංගුවට

    ඉලෙක්ට්‍රික් වාහන අඩු මිලට ලබාදෙන බව සඳහන් කරමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් රැස්කර වාහන ලබානොදුන් දේශිය වශයෙන් වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයකට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මිරිහානේදී ඔහුව අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම ව්‍යාපාරිකයාට එරෙහිව ගල්කිස්ස අධිකරණය මගින් වරෙන්තු පවා නිකුත් කර ඇති බවද එම නිලධාරියා කීය.

    විවිධ දේශපාලනඥයන්ගේ රැකවරණය ලබමින් මෙම ව්‍යාපාරිකයා සිටින්නෙක් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    සැකකාර ව්‍යාපාරිකයා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img