fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මතුගමදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීම මුල්‍ය ආයතනයක් හිමි පාතාල අපරාධකරුවෙකුගේ වැඩක්

    මතුගමදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීම මුල්‍ය ආයතනයක් හිමි පාතාල අපරාධකරුවෙකුගේ වැඩක්

    මතුගම බාලිකා පාරේ නිවසකට ඊයේ රාත්‍රියේ කඩාවැදී ටී 56 අවියකින් වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම මෙරටින් පළාගොස් විදේශයක සැඟවී සිටින බව කියන මතුගම ශාන් නැමැති අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවකට සිදුව ඇති බව පොලීසිය සැකකරයි.

    ශාන් නැමැති අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියදී බිරිඳ පොලීසියට පැමිණිලිකර ඇත්තේ සිය සැමියා අතුරුදන්ව ඇති බවකි. බුද්ධි අංශ මේ වන විට හෙළිකරගෙන ඇති ආකාරයට අනුව ශාන් නැමැති අපරාධකරු මේ වන විට සිටින්නේ රටින් පළා ගොසිනි.

    මෙසේ වෙඩි තබා ඇත්තේද ශාන් නැමැති එම අපරාධකරුගේ පියාගේ නැගණියගේ පුතාගේ බිරිඳට බව පොලීසිය කියයි. වෙඩික්කරුවාගේ ඉලක්කය වී ඇත්තේ එම කාන්තාවගේ සැමියා බවත් වෙඩික්කරුවන් දැක ඔහු පළාගොස් සැඟවීමත් සමඟ බිරිඳට වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මෙම වෙඩිතැබීමට පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධ වී ඇති බව පොලීසිය කියයි. කළුතර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් විසින් කළ විමර්ශනයේදී වෙඩි ප්‍රහාරය එල්ලවුණු ස්ථානයේ තිබී ටී 56 අවිවලට යොදන හිස් පතොරම් කොපු 06 ක් හමුවී ඇත.

    ශාන්ගේ ප්‍රතිවාදියා සමඟ වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවැසියන් හිතවත්කම් පෑම සහ ශාන්ට අයත් බව කියන මූල්‍ය ආයතනයකට පසුගිය දිනක කිසියම් පිරිසක් එල්ලකල ප්‍රහාරය මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකකරයි.

    මතුගම පොලීසිය සහ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.