තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරුපන නිවසක යතුරුපැදි ගොඩක් - අපරාධවලට ගත් ඒවාදැයි විමර්ශන

    බොරුපන නිවසක යතුරුපැදි ගොඩක් – අපරාධවලට ගත් ඒවාදැයි විමර්ශන

    රත්මලාන බොරුපන නිවසක සඟවා තිබුණු අපරාධ සඳහා යොදාගත් බවට සැකකරන යතුරු පැදි 06 ක් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ සොයාගෙන තිබේ.

    හිමිකරුවන් නොමැති එම යතුරු පැදිවල ලියාපදිංචි අයිතිකරුවන්ගේ තොරතුරු පවා වෙනස් කර ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    මෙම යතුරුපැදි මෙසේ මෙම නිවසේ සඟවාගෙන සිට ඇත්තේ ගම්පොල පදිංචිකරුවෙක් වන මොහොමදු ආරිස් (54) නැමැති පුද්ගලයෙක් විසිනි.

    මෙම යතුරු පැදි සමඟ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img