fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය ධීවරයින්ගේ වැරදි වැඩවලට එරට රජයෙන් අයකරගන්න සැලසුමක්

    ඉන්දීය ධීවරයින්ගේ වැරදි වැඩවලට එරට රජයෙන් අයකරගන්න සැලසුමක්

    ඉන්දීය ධීවරයින්ගෙේ නීති විරෝධී ක්‍රීයා හේතුවෙන් මෙරට මුහුදු සම්පතට හා ධීවරයින්ට සිදු වූ හානිය ඉන්දීය රජයෙන් අය කරගැනීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය අමාත්‍යංශය පවසයි.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සදහන් කරන්නේ 2017 අංක 11 දරන පනත හා 2018 අංක 01 දරන පනතත්වල පවතින රෙගුලාසිවලට අනුව අත්අඩංගුවට ගැනීම් සහ රාජසන්තක කිරීම් දැඩි කිරීම මෙන්ම ඊට අදාළව සිව් වැදෑරුම් ක්‍රමවේදයක් සකස් කිරීම වැනි කරුණු අදාළ කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කරන බවයි.  

    එමෙන්ම වෙනත් ඕනෑම විදේශීය යාත්‍රාවක් මෙරට මුහුදු සීමාවේදී සිදුකරන ධීවර කටයුතු නතර කිරීම සඳහා සහ අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කරක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.