fbpx
තවත්
    මුල් පිටුවspecialසාර්ථක දෙමව්පියෝ ඉතා හොඳ අසන්නෝ ය

    සාර්ථක දෙමව්පියෝ ඉතා හොඳ අසන්නෝ ය

    පුංචි දරුවාගේ සංවර්ධන ක්‍රියාවලියේ දී දෙමව්පිය වූ ඔබගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. මොකද මේ වැඩෙන අවධිය සංවර්ධනය දරුවා වැඩිවියට පත්වෙද්දී ලැබෙන ආභාසය ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ නිසයි සාර්ථක දෙමව්පියෝ ඉතා හොද අසන්නෝ….. කියන්නේ. දරුවාගේ සාර්ථක සංවර්ධන පසුබිම්ක් ගොඩනැංවීම් සඳහා ලොකු පිටුවහලක් ඒ තුළින් ලැබෙනවා.

    සාර්ථක පෞරුෂයකට ඉතා හොඳ ආත්ම අභිමානයකට සේම හොද සබදතාවයකට දරුවන්ව ඉතා හොඳින් අසා සිටීම අතිශයින්ම වැදගත්.

    දරුවාව ඔබ හොඳින් ඇසුවේ නැත්නම් පිළිගත්තේ නැත්නම් ඉහත කියූ සංවර්ධන කොටස්වල ගැටලු ඇති වනවා සේම දරුවා වැඩිහිටියෙකු බවට පත්වන විටදී දෙමව්පියන් ද නොසලකා හැරීමට පත්වන දරුවකු ද වෙයි.

    හැකි සෑම වේලාවකම දරුවාගෙන් සිතුවිලි

    Child playing with parents
    Child playing with parents

    අත්දැකීම් පිළිබඳව පිළිගැනීමකින් යුතුව ආදරයෙන් විමසන්න. එදිනෙදා පවුල තුළ කරන කාර්යයන් පිළිබඳව සන්නිවේදනයේ යෙදෙන්න. දරුවාව කුඩා නොවැදගත් කෙනෙක් ලෙස සිතා නොසලකා හැරීම හෝ යම් යම් දේ සංනිවේදනය නොකිරීම, දරුවාගෙ මුරණ්ඩු භාවය, හැසිරීම් ගැටලු, දෙමව්පියන් ඉක්මවා යාම, සේම පෞරුෂ වර්ධනයේ අඩුලුහුඩුතා ඇති වීමට පුළුවන්.

    වයස අවුරුදු තුනක් හා අවුරුදු තුනට වැඩි දරුවන් බොහෝවිට තොරතෝංචියක් නැතුව කියවන්නේත් ප්‍රශ්න කරන්නෙත් දරුවාගෙ සංවර්ධනයට එම ක්‍රියාවලිය අවශ්‍ය නිසාය.

    දරුවා සමග විවෘතව සාකච්ඡා කිරීම, විවෘතව ප්‍රශ්න ඇසීමත් තර්කානුකූල බුද්ධියට සමාජ හැකියා වර්ධනයට සන්නිවේදන හැකියා වර්ධනයට අත්‍යවශ්‍ය වනවා.

    උදා; විවෘත ප්‍රශ්න

    කූඹින්ට සීනි බෝතලේ දැක්කාම මොනවා හිතෙන්න ඇද්ද?
    කෝච්චියයි හැකරැල්ලායි සමාන උනේ කොහොමද?
    කෝටියයි පූසයි වෙනස් වෙන්නේ කොහොමද?

    වැනි තර්කානුකූල විවෘත ප්‍රශ්න දරුවාගේ සංවර්ධනයට බොහෝ රුකුලක් වෙනවා.

    ඒ වාගේම දරුවා පවසන දේවල් සිනහවට හෝ අවඥාවට ලක් කිරීම එපා.

    දරුවා පවසන යම් දෙයක් හාස්‍යජනක වේ නම් ඒ වාගේම සිනහවිය හැකි යම් දෙයක් පවසා දරුවා සමග සිනහා වෙන්න. දරුවා වැරදි වචන හෝ වැරදි ලෙස උච්චාරණය කරන විට එය නිවැරදිව නැවත උච්චාරණය කරන්න.

    ඒ වාගේම අපේ අතීත සංස්කෘතිය තුළ දැනුත් නැතුවාම නොවේ. විස්තෘත පවුල් තුළ ආච්චි / සීයා / නැන්දා / මාමා වැනි වටපිටාවේ අය ලෙස දරුවන්ට ඇහුම්කන් දීමට බොහෝ අය සිටියත් අද කාලයේ එසේ නෑ. මෙවැනි අවස්ථා වලදී දෙමව්පියන් මෙවැනි කාරණා සිතා බලාම ක්‍රියාත්මක කළ යුතුය.

    දරුවාට කතන්දර / ළමා සිංදු වැනි දෑ ගැන කියා දෙන්න. ඒ වාගේම දරුවාගේ කතාන්දර/ සින්දු අහන්න. ඔබ දරුවාට කියා දුන් කතාන්දර/ සින්දු නැවත අහන්න ඒ වගේම ඒවා රසවත්ව අගය කරන්න. එය පුංචි දරු පැටියාගේ ළමා සංවර්ධනයට බොහෝම වටිනවා.

    Loving Parents Kissing Child
    Loving Parents Kissing Child

    ඒ වගේම අද ලෝකයේ මිනිස් සබඳතා බිඳ වැටීමට ප්‍රධානම තර්ජනය වෙලා තියෙන්නෙ ජංගම දුරකථන / සමාජ මාධ්‍ය හා ඩිජිටල් උපාංග හේතුවෙලා තියෙනවා.

    හැකි පමණ දරුවාගෙන් ඒවා ඉවත් කිරීමත් දරුවන් සමග සිටින විට වැඩිහිටි ඔබ ද ඒවා අයින් කර දරුවා සමග කාලය ගෙවීම තුළ දෙමව්පිය / දරුවා අතර මනා හොඳ සම්බන්ධතාවයක් මෙන්ම ආදරණීය ගුණගරුක ළමා පරපුරක් ඇති කිරීමට හේතුවන බව මතකයේ තබා ගන්න.

    මෙවැනි පුංචි පුංචි ක්‍රියාකාරකම් කුඩා වයසේදී දරුවාගේ මනසට හා බාහිර ක්‍රියාකාරකම් වලට එක් කිරීම තුළින් දරුවා සමග නිතර නිතර කතාබහ කිරීම් හා ඔවුන්ට ඇහුම්කන් දීම තුළ දරුවාගේ ඉදිරි අනාගතයට හොඳ පදනමක් වැටෙනවා. එය දෙමව්පිය වූ ඔබේ වගකීමක්.

    උපදෙස්
    ළමා හා මාතෘ සෞඛ්‍යය උපදේශිකා ශ්‍යාමලි පතිරගේ.

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.