fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කේතුමතියේ ගිලන් රථ රියදුරු සළිඳුගේ මත්කුඩු රටපුරා ගෙන ගිය හැටි වමාරයි

    කේතුමතියේ ගිලන් රථ රියදුරු සළිඳුගේ මත්කුඩු රටපුරා ගෙන ගිය හැටි වමාරයි

    වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගත් පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරා අවස්ථා 10 කදී හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් රෝහල් ගිලන් රථයෙන් ප්‍රවාහනයකර ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    එසේ ඔහු විසින් එසේ ප්‍රවාහනය කර ඇත්තේ පානදුරේ කුඩු සළිඳු විසින් දුරකතනයෙන් ඔහුට ලබාදෙන උපදෙස්වලට අනුව බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ත් 10 ත් අතර මුදලක් එකවරකට ඔහුට ලැබී ඇති බවත් සඳහන්ය.

    වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයේදී මෙම මත්කුඩු ජාවාරම ගැන තොරතුරු හෙළිවී ඇත. ඒ අනුව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ගිලන් රථ රියදුරාව අත්අඩංගුවට ගත්තේය. දීර්ඝ ලෙස ඔහුගෙන් කෙරන ප්‍රශ්න කිරීම් වලදී ඔහු සදහන් කර ඇත්තේ 2020 වසරේ කොවිඩ් වසංගතය හමුවේ රට වසා තිබියදී තමා මෙම ඡාවාරමට සම්බන්ධ වූ බවය.

    මාතර සහ ගාල්ලේ සිට අවස්ථා දෙකකදී ගිනල් රථයෙන් විශාල වශයෙන් හෙරොයින් රැගෙන පැමිණි බවත් අයි.ඩී.එච් සහ කළුබෝවිලට එම හොරායින් රැගෙන ගිය බවත් ඔහු පවසා තිබේ.

    පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් හෙරොයින් කිලෝ 50 කට වැඩි ප්‍රමාණයක් සමග හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමටද ගිලන් රථ රියදුරාගේ සම්බන්ධයක් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. එම හෙරොයින් තොගය හමුදාවේ පිරිසට ලබාදී ඇත්තේ ගිලන් රථ රියදුරා බවට සැකයක් මේ වන විට පවතින අතර ඒ සම්බන්ධයෙන්ද ප්‍රශ්න කිරීම් හමුවේ වැදගත් තොරතුරු ඔහු අනාවරණය කරමින් ඇති බව පොලිස් තොරතුරු සදහන් කළේය.

    ගිලන් රථ රියදුරු පසු පසු පසුගිය කාලයේ පොලීසිය පන්නන්නට පටන් ගැනීමත් සමඟ ගිලන් රථ රියදුරු විසින් සිය ගැලවිල්ලට සළිඳුගේ මත්කුඩු සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදී ඇති බවට සළිඳු සැකකරමින් ගිලන් රථ රියදුරු ඝාතනයට මෙසේ කණ්ඩායමක් යොදා වෙඩි තබා ඇති බව ද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    කුඩු සළිඳු මේ වන විට ඩුබායි හී රැදී සිටිමින් මත්කුඩු ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවන බවට සැකයක් පවතින අතර ඇතැම් පාර්ශව සැකකරනුයේ ඔහු මෙරට රැදී සිටින බවකි. සළිඳු මෙරට සිටින සිය ගෝලබාලයින් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ අන්තර්ජාල ඇමතුම් ක්‍රමයක් ඔස්සේ බැවින් ඔහු රැදී සිටින රට හෝ ස්ථානයක් නිෂ්චිතවම තහවුරුකර ගැනීමට හැකියාවක් මෙතෙක් ලැබී නැති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුඩු සළිඳුගේ දේපොල සම්බන්ධයෙන්ද මේ වන විට බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් පවත්වමින් සිටින අතර ඇතැම් දේපොල වෙනත් පුද්ගල නම්වලින් ඇති බවක් මෙන්ම ආරක්ෂක අංශ සහ දේශපාලනඥයන් සමඟ සළිඳුට ඇති සම්බන්ධකම් ගැනද බුද්ධි අංශ සතුව මේ වන විට ඇති තොරතුරු බොහෝය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.