තවත්
    මුල් පිටුවඅනාවරණකෝටි 20 ක රන් සමග සනීපාරක්ෂක සේවකයා රේගු අත් අඩංගුවේ

    කෝටි 20 ක රන් සමග සනීපාරක්ෂක සේවකයා රේගු අත් අඩංගුවේ

    ගුවනින් මෙරටට රැගෙන පැමිණි රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක් ගුවන් තොටින් පැන්නීමට උත්සහ කළ කටුනායක ගුවන්තොටුපොලේ සනීපාරක්ෂක කම්කරුවෙක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අද (03) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    මීගමුවේ පදිංචිකරුවෙක් වන සනීපාරක්ෂක සේවකයා 37 හැවරදිවියේ පසු වන්නෙකි.

    රත්තරන් තොගය තිබී ඇත්තේ බිස්කට් 160 ක් ලෙසිණි. එම රත්තරන් බිස්කට් තොගය සිය සිරුරේ සගවාගෙන ඔහු ගුවන් තොටුපොළ පරීශ්‍රයෙන් පිටවීමට සූදානම් වන අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

    රත්තරන් තොගය ගුවන් තොටුපොල පරීශ්‍රයේ පිහිටි වැසිකිළියක තිබි හමුවූ බව ප්‍රශ්න කිරීම් හමුවේ සනීපාරක්ෂක සේවකයා පවසා ඇත. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ එම රන් තොගය රේගු පරීක්ෂාවකින් තොරව ගුවන් තොටුපොලින් පිටතට රැගෙන යාමට කිසියම් පුද්ගලයෙක් සනීපාරක්ෂක කම්කරුවාට ලබාදී ඇති බවය. ඒ වෙනුවෙන් සනීපාරක්ෂක කම්කරුවාට යම් මුදල් ලැබෙනු ඇතැයිද රේගු විමර්ශකයන් සැකකරයි.

    මෙම රන් තොගය ඩුබායි සිට පැමිණි ගුවන් යානාවකින් රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් අනුමාන කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img