දෙදෙනෙක් අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් ගස් කපන කියතකින් එක් පුද්ගලයෙක් අනෙත් පුද්ගලයාගේ දෙපා වෙන් වන ලෙස කපා ඝාතනය කිරීමක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තතාවෙයි.
යාන්ත්‍රික කියතකින් එසේ දෙපා කපා ඝාතනයකර ඇත්තේ ගලගෙදර පොහොලියද්ද ගම්මානයේ පදිංචිව සිටි 32 හැවරදි පුද්ගලයෙකුවය.
මෙම පුද්ගලයාව ගම්වැසියන් විසින් පේරාදෙණිය රෝහලට රැගෙනගොස් ඇති අතර එහිදී කළ ශල්‍ය කර්මය අතර තුර ඔහු මියගොස් තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 54 වියේ පසුවන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. පාද කැපීමට යොදාගත් යාන්ත්‍රික කියතද පොලීසිය සිය භාරයට ගෙන ඇත.