තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යන නිසා නිවාස අ ධාර වැඩි කරයි

    ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යන නිසා නිවාස අ ධාර වැඩි කරයි

    ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙන ‘ඔබට ගෙයක් – රටට හෙටක්’ නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයකර තිබේ.

    අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභී පවුලකට රුපියල් 600,000ක උපරිමයකට යටත්ව, ආධාර මුදලක් නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය මත ලබා දෙනු ලබයි.

    මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂයේදී ආරම්භ කිරීමෙන් අනතුරුව, ඉදි කිරීම් ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් රුපියල් 600,000ක ආධාර මුදලින් අපේක්ෂිත පරිදි පදිංචියට සුදුසු අංගසම්පූර්ණ නිවසක් ඉදි කිරීමට අපහසුවී තිබේ.

    එබැවින්, 2022 වර්ෂයේ සිට තෝරාගනු ලබන ප්‍රතිලාභී පවුල් සඳහා එම වැඩසටහන යටතේ ගෙවනු ලබන ආධාර මුදල රුපියල් 650,000 දක්වා ඉහළ නැංවීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img