තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගැඹුරු මුහුදෙන් ඇල්ලූ මත්කුඩු තොගය හරක් කටාගේ බව හෙළිවේ

    ගැඹුරු මුහුදෙන් ඇල්ලූ මත්කුඩු තොගය හරක් කටාගේ බව හෙළිවේ

    ගැඹුරු මුහුදේදී සැකකරුවන් 06 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 330 ඩුබායී හී රැදී සිටින හරක් කටා නැමැති ඡාවාරම්කරු විසින් පකිස්තානයේ සිට මෙරටට එවා ඇතැයි මූලික විමර්ශනවලින් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

    ඉරානයට අයත් කුඩා නෞකාවකින් මෙම හෙරොයින් තොගය පකිස්තානයේ සිට රැගෙනවිත් ජාත්‍යන්තර මුහුදේදී මෙරට දකුණු මුහුදු තීරයෙන් ගිය බහුදින යාත්‍රාවකට පටවාගෙන ඇති බව සඳහන්ය. සැකකරුවන් 06 දෙනෙක් සමඟ නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නේ එම බහුදින යාත්‍රාවය.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවයට ලබාදෙමින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව නාවික හමුදාවේද සහය ඇතිව මෙම වැටලීමකර තිබේ.

    සතියකට පමණ පෙර ගැඹුරු මුහුදේදි කල මෙම වැටලීමෙන් පසු සැකකරුවන් රැගෙන එන අතර තුර එම බහුදින යාත්‍රාවෙන් මත්කුඩු කොටසක් භාරගැනීමට පැමිණි තවත් යාත්‍රාවක්ද සැකකරුවන් 05 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගැනීමට ද නිවාක හමුදාව සමත්ව ඇත.

    සැකකරුවන් දික්වැල්ල සහ නාකුළුගමුව ප්‍රෙද්ශවල පදිංචිකරුවන්ය. ඔවුන් වයස අවුරුදු 26 ත් 30 ත් අතර පසුවන්නන්ය.

    මෙම ඡාවාරමේ ගොඩබිමේ සම්බන්ධකම් මේ වන විට හෙළිවී ඇති අතර එම සැකකරුවන් කොටුකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විමර්ශන පවත්වයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img