තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ආණ්ඩුව මං කී දේ ඇහුවා නම් අද මෙච්චර කොවිඩ් මරණ නෑ"- විපක්ෂ...

    “ආණ්ඩුව මං කී දේ ඇහුවා නම් අද මෙච්චර කොවිඩ් මරණ නෑ”- විපක්ෂ නායක

    තමන් එදා කී දේ ආණ්ඩුව හරියට ඉටු කළා නම් කොරෝනා ආසාදිතයින් පවා මෙතරම් මිය යන්නේ නැති බවත්, මොවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ඉඩ තිබුණ බවත් විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    කොරෝනා උවදුරද ඉන් පසුවද එන්නට නියමිත අවදානම් උවදුරු පිළිබද සියල්ලට පෙරාතුව රටට කීවේ තමන් ඇතුළු සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) පැවසීය.

    නමුත් ආණ්ඩුව කළේ ඒ කිසිවක් මායිම් නොකර සිටීම බවත් ඒ නොසලකා හැරීමේ ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ආණ්ඩු බලය අතේ තියාගෙන ආණ්ඩුව නොකරන දේ, ආණ්ඩු බලයක් නැති සමගි ජන බලවේගය ඉටු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයෙන් හුස්මක් සහ සක්වල වැඩසටහන ඊට කදිම උදාහරණ යැයිද පැවසීය.

    රට ගොඩනගන වැඩපිළිවෙළත්, ඒ සඳහා වූ දැක්මත් සමගි ජන බලවේගය සතු බව ප්‍රකාශ කළ විපක්ෂ නායකතුමා වංචාව දූෂණය මර්දනය මර්ධනය සහ තර්ජනයෙන් තොර ජනතාවාදී ජනහිතකාමී ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය එක් වන ලෙස ද විපක්ෂ නායකවරයා ජනතාවට ආරාධනා කළේය.

    මාතර හක්මන ඌරුබොක්ක ප්‍රදේශයේ ඊයේ (23) සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවට එක්විය.

    වර්තමාන පාලනය යටතේ රට ජනතාවක් බලවත් ව්‍යසනයට ලක්ව ඇති බවත් මීට ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය වගකිව යුතු බවත් විරෝධතාකරුවන් පැවසූහ.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img