තවත්
    මුල් පිටුවදේශීය පුවත්යළිත් මෙරට තුළ කොවිඩ් අවදානම ඉහළට - ඔමික්‍රෝන් ආසාදිතයන් රටපුරා

    යළිත් මෙරට තුළ කොවිඩ් අවදානම ඉහළට – ඔමික්‍රෝන් ආසාදිතයන් රටපුරා

    කොවිඩ් අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    මෙරටින් තවත් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවට අද වාර්තා විය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, 78 න් නව Omicron රෝගීන් 75 ක් සහ ඩෙල්ටා රෝගීන් 3 ක් අනාවරණය වී ඇත.

    මේ වනවිට රෝහල්වලින් ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇති බව ද කී රාජ්‍ය අමාත්‍යවරිය කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයන් හඳුනාගැනීමද වර්ධනය වෙමින් තිබෙන බව පෙන්වා දුන්නාය.

    මේ තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් සෞඛ්‍ය නීති පිළිපැදීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img