තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු මාසයේ මෙරට උද්ධමනය තවත් ඉහළට

    ගෙවුණු මාසයේ මෙරට උද්ධමනය තවත් ඉහළට

    ගෙවුණු දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය 14%ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    පෙර මාසය වූ පසුගිය නොවැම්බර් මාසයේදී එය 11.1%ක අගයක් විය.

    ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් ගණනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013=100) පදනම් කරගනිමින් මෙම උද්ධමනය මනිනු ලබයි.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2021 නොවැම්බර් මාසයේදී පැවැති 6.2% සිට 2021 දෙසැම්බර් මාසයේදී 7.0ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මෙලෙස උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේදී පැවැති 16.9% සිට 2021 දෙසැම්බර් මාසයේදී 21.5%ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවැති 6.2%සිට 2021 දෙසැම්බර් මාසයේදී 7.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img