තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුඩු ජාවාරම්කාරියකගේ කෝටි ගණනක දේපොල තහනම් කරයි

    කුඩු ජාවාරම්කාරියකගේ කෝටි ගණනක දේපොල තහනම් කරයි

    මත්කුඩු ජාවාරම්කාරියක් වන නිසංසලා සංජීවනී නොහොත් කුඩු නිසංසලාගේ රුපියල් කෝටි ගණනක් වටිනා දේපොල අධිකරණය හරහා තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි දේපොල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය අද පියවර ගත්තේය.

    හතලිස් තුන්වන වියේ පසුවන මෙම සැකකාරිය පිළියන්දලදී 2020 වසරේ අගෝස්තු මාසයේදී හෙරොයින් ග්‍රෑම් 75 ක් සමඟ කොටුවීමත් සමඟ ඇගේ දේපොල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

    ඒ අනුව ඇය මත්කුඩු ඡාවාරමෙන් උපයාගත්බව කියන මොරටුමුල්ලේ ප්‍රනාන්දු මාවතේ ඉඩම් දෙකක්, රන්පවුම් 40 ක්, කුඩා ලොරියක්, ක්‍රී රෝද රථයක් සහ ත්‍රී රෝද රථයක් හඳුනාගෙන ඒවා තහනම් කිරීමට පියවරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙවැනි මත්කුඩු ජාවාරම්කරුවන් 100 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් නීති විරෝධි දේපොල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය මේ වන විට පරීක්ෂණ පවත්වමින් ඇති අතර රත්මලානේ කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මේ සතු දේපොල සම්බන්ධයෙන්ද විමර්ශන ඒ අතර වන බව සඳහන්ය. ඇල්ටෝ ධර්මේ විසින් ආරක්ෂක අංශ සහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ට මුදලින් මෙන්ම දේපොල වලින් ලබාදුන් සහයන් ගැන තොරතුරු පවා ලැබී ඇති අතර එම තොරතුරුවල ඇත්ත නැත්ත ගැන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන පවත්වන බව සදහන්ය. රුපියල් කෝටි ගණන් වලින් ඇල්ටෝ ධර්මේ විසින් උදව් කල ආරක්ෂක අංශ සාමාජිකයන් ගැන ද ඒ තොරතුරුවල ඇතිබව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img