තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තහනම් කාලය තුළ ටියුෂන් කරන ගුරුවරුන්ට වැඩ වරදී

    තහනම් කාලය තුළ ටියුෂන් කරන ගුරුවරුන්ට වැඩ වරදී

    උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති කාලය තුළ ඔන්ලයින් ක්‍රමයට දේශන සිදුකරන ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන මහතා සඳහන් කළේ උපකාර පන්ති පැවැත්වීම තහනම් කර ඇති කාලය තුළ ඔන්ලයින් ඉගැන්වීම් හා සම්මන්ත්‍රණ පැවැත්වීමට ඇතැම් ගුරුවරුන් සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

    ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ ඇතුළු සියලු ආකාරයේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img