තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු කොරියාවේ කථානායක ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි

    දකුණු කොරියාවේ කථානායක ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි

    දකුණු කොරියාවේ ජාතික සභාවේ කථානායක පාක් බියොන්ග් සියුග් මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

    ඔහු අද එරටින් පිටත්ව ගොස් දින හතරක සංචාරයේදී මෙරට කථානායක මහින්ද අබේවර්ධන මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව ද එම කාර්යාලය පවසා ඇත.

    ඛනිජ සම්පත් සම්බන්ධයෙන් සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ඔහු මෙරටට පැමිණෙන බව සඳහන් ය.

    ශ්‍රී ලංකාවේ දුර්ලභ ඛනිජ ලවණ සුරක්ෂිත කිරීම, ද්විත්ව බදු පැනවීම වැළැක්වීම, ගුවන් සේවා සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දකුණු කොරියානු ව්‍යාපාරවල සහභාගීත්වය ඉහළ නැංවීම පිළිබඳ ඇති කරගත හැකි ගිවිසුම් පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

    2030 World Expo ප්‍රදර්ශනයට ගිනිකොනදිග වරාය නගරයක් වන බුසාන් හි සත්කාරකත්වය දැක්වීමට දකුණු කොරියාවේ උත්සාහය සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය ඉල්ලා සිටීමටද පාර්ක් සැලසුම් කරයි.

    ඔහු සෙනසුරාදා ආපසු දකුණු කොරියාවට යාමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img