තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් ලැබුණු ඉන්ධන ණය මාස එකහමාරකට ඇති

    ඉන්දියාවෙන් ලැබුණු ඉන්ධන ණය මාස එකහමාරකට ඇති

    ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් මිලියන 500ක ඉන්ධන ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මාස එකහමාරකට පමණ ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට ප්‍රමාණවත් යයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු පැවසීය.

    ලංකාවේ වාහන ධාවනයට සහ විදුලි ජනනයට මසකට ඩොලර් මිලියන 440ක පමණ ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය බව ඔහු කීවේය.

    වාහන ධාවනය සඳහා ඩොලර් මිලියන 400ක් ද විදුලි ජනනයට ඩොලර් මිලියන 40ක් ද ආදි වශයෙන් එම මුදල් අවශ්‍ය වන බව ද ඔහු සඳහන් කළේය.

    ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී ඇත්තේ මූල්‍යමය ණයක් නොව ඉන්ධන ණයක් බවද ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දෙන අතර මාස එකහමාරකින් පසුව එම ණය සහ පොලිය වාරික වශයෙන් ගෙවීමට සිදුවන බව ද සංස්ථාවේ ප්‍රකාශකයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img