තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංවිම සාමාන්‍යාධිකාරී පුටුව අර්බුදයක් දක්වා දුරදිග යයි

    ලංවිම සාමාන්‍යාධිකාරී පුටුව අර්බුදයක් දක්වා දුරදිග යයි

    ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුරට සුදුසු පුද්ගලයා පත් කරගැනීම මේ වන විට අර්බුදයක් දක්වා දුරදිග ගොස් ඇතැයි ලංවිම විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

    ලංවිම හිටපු සාමාන්‍යාධිකාරිවරයා ඉකුත් දොළොස්වෙනි දින විශ්‍රාම ගිය අතර එම පුරප්පාඩුවට මේ දක්වා කිසිදු නිලධාරියෙකු පත් කර නැතැයි ද නැතැයිද ලංවිම ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

    හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතාම නැවත පත්කිරීමට ලංවිම පාලනාධිකාරියේ කටයුතු කළ අතර එය නීති විරෝධී බව පෙන්වා පෙන්වා දීමෙන් පසුව ආචාර්ය සුසන්ත පෙරේරා පත්කිරීමට තීන්දුවක් ගෙන ඇතැයිද ඉංජිනේරු සංගමය කියයි.

    ආචාර්ය සුසන්ත පෙරේරා මහතා විශ්‍රාම ගොස් සිටි නිලධාරියෙක් හෙයින් ඔහු සාමාන්‍යධිකාරී සාමාන්‍යධිකාරී තනතුරට පත්කිරීම විදුලි පනතට පටහැනි බව ද ලංවිම ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.

    කෙසේ වෙතත් සාමාන්‍යඅධිකාරී තනතුරට සුදුසුම පුද්ගලයා ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා වන අතර ඔහු පත් කිරීමට ලංවිම පාලනාධිකාරිය අකමැත්තක් දක්වන බවද හෙතෙම සඳහන් කළේය.

    යුගදනවි බලාගාරය ගිවිසුමට පක්ෂයව කටයුතු කරන නිලධාරියෙකු සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්කර ගැනීමට ලංවීම පාලනාධිකාරිය කුමන්ත්‍රණය කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img