තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාසල් නිල ඇඳුම් සියයට 68 බෙදා අවසන්

    පාසල් නිල ඇඳුම් සියයට 68 බෙදා අවසන්

    මෙම වර්ෂය සඳහා පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් සියයට 68 ක් පමණ මේ වනවිට කලාප කාර්යාලය වෙත නිකුත් කර තිබෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි

    ඉතිරි රෙදි ප්‍රමාණය ද මෙම මස 31 වැනිදාට ප්‍රථම කලාප කාර්යාල වෙත නිකුත් කරන බව හෙතම පැවසීය.

    මෙම වර්ෂයේදී පාසල් නිල ඇඳුම් සඳහා රෙදි මීටර් 12,694,000 ප්‍රමාණයක් අවශ්‍ය බවද හෙතෙම සදහන් කළේය.

    ඉකුත් දෙවසරෙහි පාසල් නොපවැත්තුවද සියලුම පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් , පාසල් පොත් හා වවුචර් පත් ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img