fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උණට බෙහෙත් දුන් දොස්තරට අපරාධ චෝදනා

    උණට බෙහෙත් දුන් දොස්තරට අපරාධ චෝදනා

    චීනයේ ජෝකොව් නගරයේ උණ රෝගයෙන් පෙළුනු පුද්ගලයෙකුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා එල්ලවී තිබේ.

    අදාල වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම්කරන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ස්ථාපිත නොවුණු රෝහලකදී එම රෝගියාට ප්‍රතිකර කර තිබේ.

    චීන රජය පනවා ඇති රෙගුලාසි වලට අනුව කොරෝනා වෛරසය ආසාදනයවූවන්ගෙන් මතුවන රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ට නිසි ආරක්ෂිත උපාංග සහිත රෝහලකදී පමණක් ප්‍රතිකාර කළයුතුය.

    ඒ අනුව අදාල වෛද්‍යවරයාට රජයේ කොරෝනා මර්ධන රෙගුලාසි උල්ලංඝණය කරමින් ප්‍රතිකාර කිරීම මගින් කොරෝනා ව්‍යාප්තයි මර්ධනය කිරීමේ වැඩසටහන් වලට බාදා වන අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවී තිබේ.

    මෙම වෛද්‍යවරයා ඉකුත් වසරේ ඔක්තෝම්බර් 29ත් නොවැම්බර් 2වැනිදාත් අතර කාලය තුල ආදල රෝගියාට ප්‍රතිකාර කර ඇති අතර ඔහු එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කර ඇත.

    කෙසේවෙතත් අදාල වෛද්‍යවරයා එම චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට වසර හතක සිරදඬුවමක් නියම වීමටද ඉඩ පවතින බව චීන මාධ්‍ය සඳහන් කරයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.