fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සකුරායි ඒවියේෂන් MD රිමාන්ඩ්

    සකුරායි ඒවියේෂන් MD රිමාන්ඩ්

    විදේශිකයන් දෙදෙනක් සමඟ කටුනායක කිඹුලාපිටියට කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානය සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවටගත් සකුරායි ඒවියේෂන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා ජනවාරි 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගකර තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනු ලැබුවේ සැකකරුවන් විසින් මනුෂ්‍ය ජීවිතයට හෝ වෙනත් තැනැත්තෙකුගේ පෞද්ගලික ආරක්ෂාවට හෝ අන්තරාදායකවන අන්දමට සැහැසි ලෙස හෝ නොසැලකිලිමත් ලෙස හෝ ක්‍රියා කිරීම හා එවැනි ක්‍රියාවකින් පුද්ගලයෙකුට තුවාල හෝ බරපතල තුවාල කිරීම සඳහාවන දණ්ඩ නීති චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම කළ බවය.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ විමර්ශනයේදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ අනතුරට ලක්වූ ගුවන් යානාවට යොදා තිබුණු ඉන්ධනවල යම් වෙනසක් තිබී ඇති බවය. එම ඉන්ධනවල වර්ණයේ වෙනසක් තිබී ඇති අතර එහි ගදෙහි පවා වෙනසක් තිබී ඇත. එසේම වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඉන්ධනවල ප්‍රමිතියේද යම් වෙනසක් තිබී ඇති බවය.

    කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් විශේෂඥ සාක්ෂි රැස්කරන බවය.

    මෙම අනතුරින් තුවාල ලැබූ විදේශීය යුවල පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ඇති අතර ඔවුන්ගේ රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ 100 ඉක්මවා ඇති බවද සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.