තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරියේ දී විදෙස් රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් 4ක් ලංකාවට

    ඉදිරියේ දී විදෙස් රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් 4ක් ලංකාවට

    ඉදිරි දෙසතිය තුළ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් සිව් දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

    මේ අනුව හෙට දිනයේ දී හංගේරියානු විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

    එමෙන්ම මෙම මස 18 සහ 19 යන දිනවලදී පිළිවෙලින් මහා බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යවරයාත් සහ කොරියානු පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ තුර්කි විදේශ අමාත්‍යවරයාත් මේ අනුව දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙරටට පැමිනෙන අතර
    එක් මසක් තුළ දී විදේශ අමාත්‍යවරුන් පිරිසක් දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවද විදේශ අමාත්‍යංශය නිවේදනය කරනයා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img