තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෞද්ගලික අංශයටත් 5000 ඉල්ලා සාකච්ඡාවක්

    පෞද්ගලික අංශයටත් 5000 ඉල්ලා සාකච්ඡාවක්

    රාජ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් පන්දාහසේ සහන දීමනාව පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දෙන්නැයි වෘත්තීය සමිති නායකයෝ පිරිසක් අද පෙරවරුවේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

    වෘත්තීය සමිති නායකයින් හා කම්කරු ඇමතිවරයා අතර සාකච්ඡාවක් කොළඹ කම්කරු අමාත්‍යංශයේ පැවති අවස්ථාවේදී වෘත්තිය සමිති නායකයෝ එම ඉල්ලීම කළහ.

    පොදුවේ රටේ සියලු දෙනාටම ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන තිබෙන වාතාවරණයක් තුළ රාජ්‍ය සේවකයින්ට පමණක් රුපියල් පන්දහසේ සහන දීමනාව ලබාදීම අසාධාරණ බව ද පෞද්ගලික අංශයේ සහ වතු ක්ෂේත්රයේ කම්කරුවන්ට ද එම සහනය හිමිවිය යුතු බව ද එහිදී වෘත්තිය සමිති නායකයෝ කම්කරු ඇමතිවරයාට පැවසූහ.

    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ වෘත්තිය සමිති නායකයින්ගේ ඉල්ලීම ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ය.

    වතු සමාගම් හා හාම්පුතුන් සමග සාකච්ඡා කර පෞද්ගලික අංශයට සහ වතු සේවකයින්ට රු.5000 සහන දීමනාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවද එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතා වෘත්තීය සමිති නායකයින්ට පැවැසූහ.

    ලෙස්ලි දේවේන්ද්‍ර ඇන්ටන් මාක්ස්, එස්.ටී. විජය කුමාර සහ සුරංග නාවුලගේ ඇතුළු වෘත්තීය සමිති නායකයින් පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img