තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන්ව සිටි කාලයේ සිදුවූ සියල්ල කොටදෙණියාවේ ‍දරුවන් දෙදෙනා හෙළිකරලා

    අතුරුදන්ව සිටි කාලයේ සිදුවූ සියල්ල කොටදෙණියාවේ ‍දරුවන් දෙදෙනා හෙළිකරලා

    කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාව මාසයක පමණ කාලයක් තිස්සේ රදවාගෙන සිට ඇත්තේ එම දරුවන් දෙදෙනාව මීරිගම පොලීසියට ඊයේ රැගෙනවිත් භාරදුන් වෙළෙන්දිය විසින් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

    ‍ඒ බව එම දරුවන්ද පොලීසියට පවසා ඇති අතර එම දරුවන් එම වෙළෙන්දියගේ නිවසේ රැදී සිටිනු අසල්වාසීන් ද දැක ඇති බවට තොරතුරුද පොලීසියට ලැබී ඇත.

    එම වෙළෙන්දියගේ නිවසේදී මෙම දරුවන්ට කිසිදු අනතුරක් සිදුවී නැති අතර ඔවුන්ට ඇය හොදින් සලකා ඇති බව ද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    එහෙත් එම දරුවන්‍ දඩබ්බර ලෙස හැසිරී‍ම් නිසා නිවසේ බඩු බාහිරාදියට සිදුවූ හානිය හේතුවෙන් සතියකට පමණ පෙර දරුවන්ව ඇය නිවසින් පිටත්කර යවා ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම නිවසින් යාමට එම දරුවන් අකමැති වී ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    මෙම දරුවන් මීරිගම සිට මීගමුවට බස් රථයකින් ගමන් කර ස්වර්ණාභාරණ වෙළද සැලකත් දේවස්ථානයකත් ගතකර පසුව නැවත පෙරේදා මීරිගමට පැමිණ ඇති බවද පොලීසිය කියයි. දරුවන්ව පොලීසියට භාරදීමට වෙළෙන්දිය පියවර ගෙන ඇත්තේ අනතුරුවය.

    මෙම දරුවන් දෙදෙනා පවසන්නේ නිවැසියන් තමන්ට පහරදෙමින් හිරිහැර කරන බැවින් නිවසින් පළාගිය බවය. නිවස ආසන්නයේ වත්තකින් ගොටුකොල කඩාගෙන ඒවා විකුණ ලබාගත් මුදලින් බස් රථයක නැගී මීරිගමට පැමිණි බවද ඔවුන් පවසා තිබේ.

    වෙළෙන්දියට මෙම දරුවන් හමුවී ඇත්තේ ඒ පැමිණි අවස්ථාවේදීය. දරුවන් කෑමට යමක් ඉල්ලා පැමිණි විට ඇය ඔවුන් සමඟ කල කතා බහේදී ඇතිවූ දරු සෙනෙහස නිසා ඔවුන් දෙදෙනාව නිවසට රැගෙන ගොස් ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. දරුවන් දෙදෙනා අතුරුදන්වීම ගැන පොලීසියේ නිවේදනය මාධ්‍යවල ප්‍රචාරයවන විට එය ඇය දැක ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img