fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කටුනායක ගුවන්තොටට 24 පැයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක්

    කටුනායක ගුවන්තොටට 24 පැයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක්

    විදේශ ගතව මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට රටට ඇතුළු වීමේදීම කොවිඩ් එන්නත ලබාගැනීමට කටුනායක ගුවන් තොටුපොලේ එන්නත්කරණ මධ්‍යස්ථානයත් ස්ථාපිතකර තිබේ.

    අද සිට ක්‍රියාත්මක වන ලෙස එම එන්නත්කරණ මධ්‍යස්ථානය පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.

    ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානයෙන් ෆයිස්ර එන්නත ලබාගත හැකිය.

    පැය 24 පුරාම එන්නත් මධ්‍යස්ථානය ක්‍රියාත්මකය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.