fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති ගෑස් පිපුරුම ගැන රහසිගතව හොයන්න අරන්

    ජනපති ගෑස් පිපුරුම ගැන රහසිගතව හොයන්න අරන්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තැන තැන ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ඉතා රහසිගතව සොයමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පැවරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවති උත්සවයක දී හෙතම මේ බව සඳහන් කළේය.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය මෙසේය.

    දැන් අපිට තියෙන්නේ අලුත් අවුරුද්දක්. අලුත් විදිහට හිතල. ධනාත්මකව හිතල. අපි ඉදිරියට යන්න ඕනේ. ඒක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ. අපිට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි දන්නවා අපිට විදේශ විනිමයේ අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා භාණ්ඩ හිඟකම් තියෙනවා. ගෑස්වල ප්‍රශ්නයක් තියෙනවා. මගෙන් ඊයේ ඇහුවා ගෑස් පිපිරීම් ගැන. මමනම් කිව්වේ මට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා, කොළඹ 07 ත් ගෑස් පිපිරෙන්නේ නැහැ. උතුරෙත් පිපිරෙන්නේ නැහැ. කුරුණෑගල නගරයේත් පිපිරෙන්නෙත් නැහැ. නුවර නගරයේ පිපිරෙන්නෙත් නැහැ. විවිධ තැන්වල විතරයි පිපිරෙන්නේ. ඉතින් මේ ගැන ගරු අගමැතිතුමනි අනිවාර්යෙන්ම හොයන්න ඕනේ. ජනාධිපතිතුමා කිව්වා මේ ගැන ඉතා රහසිගතව සොයනව කියල. මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ජනතාව බයෙන් ඉන්නේ. ඒ නිසා අපිට මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසදුම් ලැබෙයි. අපේ ජනතාව ධනාත්මකව හිතන වෙලාවක්. රටක් හැටියට අපි ඔක්‍කොම එකතුවෙලා ඉදිරියට යන්න ඕනේ. යැයි කීවේය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.