තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති ඇහැලේපොළ වලව්වට

    ජනපති ඇහැලේපොළ වලව්වට

    වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේදී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරිණ.

    ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නො වන පරිදි සිදු කර තිබේ. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබී ය.

    දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img