තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරටින් හමු වූ ලොව විශාලතම තනි නිල් මැණිකට ඩුබායි ගැනුම්කරුවෙක්

    මෙරටින් හමු වූ ලොව විශාලතම තනි නිල් මැණිකට ඩුබායි ගැනුම්කරුවෙක්

    ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ලෙස හඳුනාගෙන ඇති, හොරණ ප්‍රදේශයේ තැන්පත් කර තිබෙන ආසියාවේ රැජින (QUEEN OF ASIA), ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

    මැණික හිමි සමාගමේ හිමිකරු, මැණික් ගවේෂක චමිල සුරංග මහතා පවසා ඇත්තේ දැනට ලංකාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මේ අවස්ථාවේදී මැණික ලෝකයට ඉදිරිපත් කරන්න තීරණය කළ බවය.

    ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) වන මෙහි බර කිලෝග්‍රෑම් 310කට ආසන්නය.

    පසුගිය මස 12 වනදා එය මුල්වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණි.

    මෙරටින් හමුවූ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික හෙවත් ආසියාවේ රැජින හමුවූ මැණික් නිධිය තවමත් මැණික් ගවේෂණ සිදුකරගෙන යන ස්ථානයකි.

    “ඇල්මීනියම් ඔක්සයිඩ්, ටයිටේනියම්, අයන් සහ නිකල් එකතුවෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. කොරන්දම් තමයි මේක අයත්වන වර්ගය. අපි බලාපොරොත්තු වෙනවා මේක ඉහළ මිලකට ලෝකයේ ගැණුම්කරුවෙකුට ලබාදෙන්න. මේකට ඉදිරිපත් වෙන ඉහළම මිලට ඒක අලෙවි වෙයි. මේකෙ නිල් පැහැය තියෙනවා. මේකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 310ක්. අපි හිතමු කිලෝග්‍රෑම් 1ක් මේකේ Blue Sapphire තිබ්බොත් ඒකේ වටිනාකම ඩොලර් මිලියන 100ක් විතර වෙයි. නමුත් මේකෙ කිලෝග්‍රෑම් 1කට වැඩිය තිබ්බොත් ඊට වැඩිය ලොකු වටිනාකමක් ගන්න පුළුවන්.

    මේක කපලා කොටලා මේක ඇතුළේ තියෙන නිල් ටික ගන්න එක නෙමෙයි වැදගත්. මේ වගේ දේවල් ලෝකෙ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒකත් ලංකාවේ.” යැයි චමිල සුරංග මහතා පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img