තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුකුළු ෆාම් රැසක් වැසේ - බිත්තර මස් මිල ඉහළ යන ලකුණු

    කුකුළු ෆාම් රැසක් වැසේ – බිත්තර මස් මිල ඉහළ යන ලකුණු

    කුකුළු කෑම ආනයනය සීමා කිරීම නිසා රටපුරා කුකුළු ගොවිපළ රැසක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.

    ඩොලර් හිඟය හේතුවෙන් වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙරටට කුකුළු කෑම ආනයනය කිරීමට නොහැකි වී ඇතැයි ද ඒ නිසා බොහෝ පිරිසක් කුකුළු හා බිත්තර ව්‍යාපාර අතහැර දමා ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සභාපති අජිත් ගුණසේකර මහතා කීය.

    එම නිසා ඉදිරි උත්සව සමයේ දී කුකුළු මස් හා බිත්තර යළි මිල ඉහළ යාමේ අවධානමක් පවතින බවද ඔහු කීය.

    ඩොලර් හිඟය නිසා බඩඉරිඟු, සෝයා, පුන්නක්කු ආනයනය කිරීමට නොහැකි වී ඇති හෙයින් ඒවායේ මිල ද දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවද ගුණසේකර මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img