fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උතුරේ රාජ්‍ය නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

    උතුරේ රාජ්‍ය නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

    උතුරේ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාමට සහාය නොවන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පැවසීය.

    එවැනි නිලධාරීන්ට එරෙහිව මේ මස 8 වැනි දිනෙන් පසුව නීත්‍යානුකූල පියවර ගන්නැයි උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තමා උපදෙස් ලබා දුන් බව ද ආණ්ඩුකාරවරයා කීය.

    සම්මත විධිවිධානවලට අදාලව උතුරු පළාතේ පරිසර හිතකාමී වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ද ආණ්ඩුකාරවරයා කීය.

    පසුගිය කාලය තුළ කරෙයිනගර් ප්‍රදේශය තුළ ඉතා හොඳ පරිසර හිතකාමි ආරක්ෂණ වැඩසටහන් පෙළක් සාර්ථකව ක්‍රියාත්මක වූ නමුත් මේ වන විට ඒවායේ තත්ත්වය පහත වැටෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.