තවත්
    මුල් පිටුවදේශීය පුවත්බොරැල්ල රන් කොල්ලයේ ප්‍රධාන සැකකරු කොටුවේ

    බොරැල්ල රන් කොල්ලයේ ප්‍රධාන සැකකරු කොටුවේ

    බොරැල්ල මරදාන පාරේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට ගිනි අවි රැගෙන කඩා වැදී රුපියල් ලක්ෂ 336 කට අධික වටිනාකමක් ඇති පවුම්30 ට වැඩි බරකින් යුක්ත රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඹ්පනායක නිවසක් කුළියට ගෙන සිය බිරිඳ සමඟ පදිංචිව සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා රත්නපුර කුරුවිට පදිංචිකරුවෙකි.

    ඉකුත් 11 වෙනිදා සිදුවූ කොල්ලයට ඔහු සමඟ ගිය සහයකයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පෙදරේරුවන් ලෙස විවිධ ප්‍රදේශවල සැරිසරමින් රටපුරාම මොවුන් කොල්ලකෑම්වල නිරතව සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. අත්අඩංගුවටගත් සැකකරුගේ සහයකයාද රත්නපුරයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.

    බොරැල්ලේ කොල්ලයට පැමිණි යතුරු පැදියද වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සොයාගෙන ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම කොල්ලය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය සහ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලැබීය.

    එම විමර්ශනවලදී හෙළිවූ තොරතුරු මත මෙම කොල්ලයට තොරතුරු රැස්කල ගණිකාවන් සිව් දෙනෙක් මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් කොල්ලයට පෙර දින කුළි නිවසක සාදයක්ද පවත්වා තිබී ඇත. රන් භාණ්ඩ වෙළද සැළට විටෙන් විට ගොස් රන් භාණ්ඩ වෙළද සැලේ ආරක්ෂාව ගැන ඔත්තු බලා ඇත්තේ ඔවුන් සිව් දෙනාය.

    කොල්ලකෑ රන් පවුම් වලින් කොටසක් එක් සැකකරුවෙකුගේ බිරිදක සතුව තිබී සොයාගෙන තිබේ. පවුම් 18 ක් බරැති රත්තරන් තොගයක් ඇය සන්තකයේ තිබී සොයාගෙන ඇත. ඇය රත්නපුරයේ පදිංචිකාරියකි. අනතුරුව තවත් රන්පවුම් 5 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ මාතලේ යම් ස්ථානයකට අලෙවිකර තිබියදීය. එම රන් තොගය අලෙවි කිරීමට සම්බන්ධ වූ රත්නපුරයේ පදිංචිකරුවෙක් ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය විශ්වාස කරන්නේ පළාගොස් සිටින සැකකරුවද අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවය.

    එම සැකකරුවන් විසින් රටපුරාම කළ කොල්ලකෑම් රැසක් මේ වන විට හෙළිවෙමින් ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img