තවත්
    මුල් පිටුවදේශීය පුවත්දෙහිවල මුහුදු තීරයේදී එල්ලවුණු කිඹුල් ප්‍රහාරයෙන් කිමිදුම්කරුවෙක් මරුට

    දෙහිවල මුහුදු තීරයේදී එල්ලවුණු කිඹුල් ප්‍රහාරයෙන් කිමිදුම්කරුවෙක් මරුට

    දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටි කිමිදුම්කරුවෙක් කිඹුලෙකු විසින් කළ පහරදීමකින් අද පෙරවරුවේ දී මියගොස් ඇත.

    වෘත්තීයෙන් කිමිදුම්කරුවෙන් වන ඔහු රත්මලානේ පදිංචිව සිටි 58 වියැති පුද්ගලයෙකි.

    කිඹුලාගේ ප්‍රහාරයට ලක්වුණු ඔහුව කළුබෝවිල රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.

    මෙම කිඹුලා කිිමිදුම්කරුට දිය යටදී පහරදී ඇදගෙන ගොස් අතහැර ඇතැයි දෙහිවල පොලීසිය ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    මෙම කිඹුලා ඇල මාර්ගයක් ඔස්සේ මුහුදු තීරයට පැමිණ කරදියට හුරුවී සිටින බව පෙනී ගොස් ඇත. ගල්කිස්ස වෙරළ තීරයේ පසුගිය කාලයේ මෙම කිඹුලා සැරිසරන අයුරු දුටු අය සිටින බව පොලීසිය කියයි.

    මෙම කිඹුලා සොයා මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ අත්තිඩිය කාර්යාලයේ නිලධාරීන් ගල්කිස්ස සහ දෙහිවල වෙරළ ආශ්‍රිතව මේ වන විට මෙහෙයුමක් දියත්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img