තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලි ඇතුන්ටත් අයිඩෙන්ටියක්

    අලි ඇතුන්ටත් අයිඩෙන්ටියක්

    ලංකාවේ අලි ඇතුන්ට හැඳුනුම්පත් ලබාදීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

    මෙම නව සැලැස්ම මඟින් රට පුරා භ‍ාරකරුවන් යටතේ ඇති කරන ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 200 කට අධික සංඛ්‍යාවකට හැඳුනුම්පත් ලැබීමට නියමිතය.

    මෙම හැඳුනුම්පත සඳහා අලියාගේ ඩීඑන්ඒ මුද්‍රාව ආදී තොරතුරු ඇතුළත් කෙරේ.

    මෙමගින් මාස 6කට වරක් හෝ වෛද්‍ය පරීක්ෂාව සඳහා හැඳුනුම්පත් සහිත අලි ඇතුන් යොමු කිරීමට භාරකරුවන්ට සිදුවේ. අලි ඇතුන් ස්නානය කරවීම් ආහාර සැපයීම පිළිබඳවද රෙගුලාසි මෙහිදී ක්‍රියාත්මකයි.

    අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආහාර සැපයීම ආදිය ක්‍රමානුකූලව සිදුවීම අවශ්‍ය බැවින් ඒ පිළිබඳ සොයාබැලීමට හැකි වන පරිදි සියලුම අලි ඇතුන් ලියාපදදිංචි කළ යුතු බවට වන තීරණයක් රජය විසින් ගනු ලැබීය.

    ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය ආදී ලොව බොහෝ රටවල් දැනටමත් විවිධ සතුන් ලියාපදිංචි කොට ඔවුන් සඳහා හැඳුනුම්පත් භාවිත කරනු ලබයි.

    මෙරට තුළ අලි ඇතුන් 7500ක් පමණ වනගතව සිටින බවට සැළකේ.

    එහෙත් අලි-මිනිස් ගැටුම් සහ ජාවාරම්කරුවන් හේතුවෙන් සීඝ්‍රයෙන් අලි ඇතුන් විනාශ වීම සිදුවෙමින් පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img