තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුමාරි ඇල්ල බිලිගත් තවත් තරුණියකගේ සිරුර හමුවෙයි

    කුමාරි ඇල්ල බිලිගත් තවත් තරුණියකගේ සිරුර හමුවෙයි

    හංවැල්ල කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තරුණියන් තිදෙනාගෙන් තවත් තරුණියකගේ සිරුරක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දැරියන් සෙවීමේ මෙහෙයුම් දියත් කර තිබුණි.

    ඒ අනුව සැඩපහරට හසුවී ගසාගෙන ගිය තරුණියන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇත.

    මෙම ස්ථානයේ දියනෑමට තරුණ තරුණියන් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ තිබුණි.

    එම පිරිස දිය නාමින් සිටින අතර කළු අදුර සහ හේවාහින්න ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඇල්ලේ ජල ප්‍රමාණය එකවර ඉහළ ගොස් ඇත.

    ඒ සමග මෙම තරුණියන් තිදෙනා ද ගසාගෙන ගොස් තිබේ.

    යාපනය ප්‍රදේශයේ සිට කෙරවලපිටිය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ද අතුරුදන් වූ පිරිසට අයත්වේ.

    අතුරදන් වූයේ කෙරවලපිටිය හැදල වේවන් ජේසුදාසන්, යාපනය කොන්වන්ට් පාර එඩ්මන් දේවදාස් උෂාරා සහ එඩ්මන් දේවදාස් මිදූෂා යන තරුණියන් බව සඳහන් ය.

    දේවදාස් උෂාරා නමැති තරුණියගේ සිරුර අතුරුදන් වූ දින මධ්‍යම රාත්‍රියේදී සොයාගනු ලැබීය.

    ශ්‍රී ලංකා යුදහමුදාවේ දහවන ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරීන් කුමාරි ඇල්ල සිට කිලෝමීටර් 6 කට ආසන්න දුරක තිබී අද පස්වරු 4 ට පමණ දෙවන සිරුර සොයා‍ගෙන ඇත.

    සොයාගෙන ඇත්තේ එඩ්මන් දේවදාස් මිදූෂාගේ සිරුර බව ඥාතීන් හදුනාගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img