fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සීෂෙල්ස්හි දී සිදුවූ ලාංකිකයාගේ මරණය ඝාතනයක්

    සීෂෙල්ස්හි දී සිදුවූ ලාංකිකයාගේ මරණය ඝාතනයක්

    සීෂෙල්ස් රාජ්‍යයේ නිවසක් තුළ මියගොස් සිටි ශ්‍රී ලාංකිකයකුගේ මරණය ඝාතනයක් බවට හෙළිවීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ.

    ඒ ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් ඔහු ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි හෙළිවීමත් සමඟය.

    සීෂෙල්ස්හි තුන්වන ජනාකීර්ණ දූපත වන ලා ඩිගු හි පදිංචිව සිටි හරීන්ද්‍ර සම්පත් අප්පුහාමි පොන්නවිලගේ දොන් නමැති 47 හැවිරිදි පුද්ගලයාගේ සිරුර දෙසැම්බර් 10 වැනි සිකුරාදා උදේ 8.50 ට පමණ ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු ව්‍යාපාරිකයකුගේ පෞද්ගලික නිවසක තිබී සොයා ගෙන ඇත.

    “දින හතරක් රැකියාවට නොපැමිණීම නිසා ඔහු පිළිබඳ සොයාබැලීමට ඉදිකිරීම් සමාගමක් හිමි මෙම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ගිය බව පැවසූ බවත්, නිවසට පැමිණි විට කිසිවකු නොදුටු බවත් ව්‍යාපාරිකයා පැවැසූ බවත් පොලිස් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ව්‍යාපාරිකයා නිදන කාමරයේ ජනේලයෙන් බැලීමට ගිය අතර, ඔහු තම සේවකයා බිම සිටිනු දැක ප්‍රතිචාර නොදැක්වීම නිසා පසුව ඔහු පොලිසියට දන්වා ඇත.

    නිවසේ සිදුකළ පරීක්‍ෂණයකදී සිරුරේ පෙනෙන කිසිදු සලකුණක්‌ අනාවරණය නොවීය.

    එහෙත් ඉන් දින තුනකට පසු පොලිසිය විසින් නිර්දේශ කරන ලද මරණ පරීක්‍ෂණයේදී ශ්‍රී ලාංකිකයා ගෙල සිරවීමෙන් මියගොස් ඇති බව පෙන්නුම් කළ අතර එතැන් සිට විමර්ශනය වෙනත් මානයකට ගෙන ගොස් දැන් මිනීමැරුමක් බවට පත්ව ඇත.

    ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද වනතුරු කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.