fbpx
තවත්
    මුල් පිටුවCOVIDඕස්ට්‍රේලියාවේ රසායනාගාරකින් කොරෝනා ප්‍රතිඵල වැරදියට දීලා

    ඕස්ට්‍රේලියාවේ රසායනාගාරකින් කොරෝනා ප්‍රතිඵල වැරදියට දීලා

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ රසායනාගාරකින් කෝවිඩ් ආසාදිතයින් අටයසියකට අධික පිරිසකට වෛරසය ආසාදිත නොමැති බවට ප්‍රතිඵල නිකුත් කිරීමක් වාර්තා වේ.

    ඒ අනුව සිට්ලැබ් නැමති රසායනාගාරකින් මෙලෙස පුද්ගලයන් 886 දෙනෙකු හට වැරදි ප්‍රතිඵල නිකුත් කර ඇත.

    නත්තල් සමයත් සමඟ ඇති වූ අධික කාර්ය බහුල බව හේතුවෙන් මෙම අතපසුවීම සිදුව ඇති බව අදාල රසායනාගාරය සඳහන් කරයි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල රසායනාගාරය සමාව අයැද ඇති බවද වාර්තා වේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.