තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගාමිණී සෙනරත් ජනපති ලේකම් ධුරයට!

    ගාමිණී සෙනරත් ජනපති ලේකම් ධුරයට!

    ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම භාරගත් වහාම ඒ සඳහා දැනට අග්‍රාමාත්‍ය ලේකම් ධුරය හොබවන ගාමිණී සෙනරත් මහතා පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව පී.බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම අද හෝ හෙට දින ජනාධිපතිවරයාට යොමු වීමට නියමිතව තිබේ.

    ජනාධිපති ලේකම් ධුරයේ කටයුතු කරන පී.බී ජයසුන්දර මහතා සමඟ ආණ්ඩුවේ ඉදිරි කටයුතු සැළසුම් කිරීම අසීරු බව මැති ඇමැතිවරුන් රැසක් මෙයට පෙර චෝදනා කර තිබිණි.

    නව වසරේ ආණ්ඩුවේ තීරණාත්මක වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත අතර එහි පළමු වැන්න ලෙස මෙම පත් කිරීම් සිදුවනු ඇති බව අදාළ ආරංචි මාර්ග තහවුරු කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img