තවත්
    මුල් පිටුවCOVIDඕස්ට්‍රේලියාවත් පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය වාර්තා කරයි

    ඕස්ට්‍රේලියාවත් පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය වාර්තා කරයි

    ඕස්ට්‍රේලියාව අද සිය පළමු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තහවුරු කළ මරණය වාර්තා කර තිබේ.

    නමුත් එම ප්‍රභේදය ආසාදිතයන් රෝහල්ගත වීමේ අනුපාතය අඩු බව පවසමින් බලධාරීන් නව සීමාවන් පැනවීමෙන් වැළකී සිටී.

    නිධන්ගත රෝග සහිත සෞඛ්‍ය තත්වයක් ඇති අවුරුදු 80 ගණන්වල අයකු මෙලෙස මියගොස් ඇත.

    මෙම පුද්ගලයා වැඩිහිටි නිවාසයකදී වෛරසය වැළඳී සිඩ්නි රෝහලකදී මිය ගොස් ඇත.

    සෞඛ්‍ය ප්‍රවීණයන් පවසන පරිදි ඔමික්‍රොන්, පෙර පැවති වික්‍රියාවලට වඩා බෝවන නමුත් අඩු ආසාද්‍යවීම් සහිත වයිරස ප්‍රභේදයක් ලෙස පෙනේ.

    එය බොහෝ දේශීය දේශසීමාවල සීමාවන් ඉවත් කර ඕස්ට්‍රේලියානුවන්ට නිරෝධායනය නොමැතිව විදේශයන්හි සිට ආපසු පැමිණීමට ඉඩ සැලසූ නමුත් ඒ ආකාරයටම රට තුළ ව්‍යාප්ත වීමට ද පටන් ගත්තේය.

    “නිව් සවුත් වේල්ස් (ප්‍රාන්තයේ) ඔමික්‍රොන් ප්‍රභේදයට සම්බන්ධ වූ පළමු මරණය මෙයයි,” එහි සෞඛ්‍ය වසංගත රෝග විද්‍යාඥ ක්‍රිස්ටීන් සෙල්වි රජය විසින් නිකුත් කරන ලද වීඩියෝවක පැවසීය.

    පෙර දින ඕස්ට්‍රේලියාවේ වාර්තා වූ COVID-19 මරණ හයක් අතර මෙම පුද්ගලයා ද විය.

    එරට මිලියන 25ක ජනගහනයෙන් අඩකට වඩා වාසය කරන නිව්සවුත්වේල්ස්හි සහ වවික්ටෝරියා හි වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තවල දැන් දැන් ඔමික්‍රෝන් පැතිර යමින් පවතී.

    එන්එස්ඩබ්ලිව්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සඳුදා නව කොවිඩ් රෝගීන් 9,107 ක් වාර්තා කර ඇත.

    නව ආසාදිතයන්ගේ තතත්වය කොවිඩ් වසංගතයේ තවත් උච්චතම අවස්ථාවට රට පත් කරමින් සිටී.

    අනෙකුත් ප්‍රාන්ත සහ ප්‍රදේශ පහ තවමත් දෛනික කොවිඩ් සිද්ධි පිළිබඳ සංඛ්‍යාලේඛන වාර්තා කර නොතිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img