තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආධුනික පොලිස් කතකට අතවර කළ ගන්දර පොලිස් OIC අත්අඩංගුවට

    ආධුනික පොලිස් කතකට අතවර කළ ගන්දර පොලිස් OIC අත්අඩංගුවට

    ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගන්දර පොලිසිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    සිය නිල නිවසට ආධුනික පොලිස් කොස්තාපල්වරිය කැඳවා නිල නිවස තුළදී ඊයේ පෙරවරුවේ අතවරය සිදුව ඇති බව උසස් පොලිස් නිලධාරීන් newswave.lk වෙත සඳහන් කළේය.

    පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට යාබදව ඇති ගොඩනැගිල්ලක ආධුනික පොලිස් කොස්තාපල්වරියන් ආධුනික පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනකු රැදීසිටින බැරක්කය පිහිටා තිබෙන බවද එම නිලධාරියා කීය.

    අතවරයට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරිය ඊයේ උදෑසන බැරක්කය ඉදිරිපිට රෙදි වනමින් සිටියදී පොලිස් ස්ථානාධිපතිවරයා ඇයව නිල නිවසට කැඳවා අතවර කර ඇත.

    මේ සම්බන්ධයෙන් කොස්තාපල්වරිය විසින් ඉහළ පොලිස් නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව මාතර කොට්ඨාසය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කළ විමර්ශනයකින් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුට ගෙන තිබේ .

    අද එම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img