තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවීන මනෝ විද්‍යා උපදේශක චන්දන ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීන මනෝ විද්‍යා උපදේශක චන්දන ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීන මනෝ විද්‍යා හා පෞරුෂ සංවර්ධන උපදේශකවරයකු, ධනාත්මක චින්තන දේශකයකු හා ලේඛකයකු වන චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ටික කලක් තිස්සේ අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ඒ මහතා මියගොස් ඇත.

    ධනාත්මක චින්තන, පෞරුෂ සංවර්ධනය මෙන්ම කාව්‍ය ග්‍රන්ථ ද ඔහු විසින් රචනා කර ඇත.

    ඔහු විසින් රචිත කාව්‍ය ග්‍රන්ථයකින් උපුටා ගත් ඔහුගේ නිසඳැස් රචනාවක් පහත දැක්වේ.

    සිහින සිර කුටිය

    උඳුවප් සීතල මඳනළ
    උදාසීන සිත
    සිහිනයක සිර කරයි
    සිතිවිලි රළ පහර
    හදවත් වෙරළ ඉම වැදී
    රිදුම් දෙයි
    කවුළු පියන් පත් අතරින්
    කඩාවදින සුළං රැලි හඬ
    බිහිසුණු ය, කම්පිත ය, රුදුරු ය,
    කුපිත මුවින් ගලා යන
    සැඩ පරුස අසනි වන්
    වදන් පහරක් විලසින්ම..
    නිහඬ වෙමි මම
    නිසා යම අඳුර තුළ
    වසාලමි සිර කුටිය
    කිසිදා නොහරින ලෙස.

     

    චන්දන ගුණවර්ධන
    සසර සැරි සරණ තුරු ග්‍රන්ථයෙනි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img