තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්ධන බවුසරයක් සහ සෝලා පැනල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දී ගැටී 02 ක්...

    ඉන්ධන බවුසරයක් සහ සෝලා පැනල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දී ගැටී 02 ක් මරුට

    දක්ෂිණ අධිවේගි මාර්ගයේ අපරැක්කේ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇත.

    පාරටුව සහ කපූදූව අතර අන්තර් හුවමාරු අතර කිලෝ මීටර් 126.8 එල් කණුව අසලදී මෙම අනතුර අද අලුයම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    මත්තල දෙසට ධාවනය වූ සෝලා පැනල් පැටවූ ලොරියක් නතරකර සෝනා පැනල් ගැටගසා ඇති රැහැන් ගැලවී ඇද්දයි පරීක්ෂකා කරමින් සිටියදී එම දිසාවටම ගමන් කරමින් තිබුණු ඉන්ධව ප්‍රවාහනය කරන බවුසර් රථයක් සෝලා පැනල් ප්‍රවාහනය කරමින් තිබුණු ලොරියේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබේ.

    අනතුරින් ලොරි රථයේ රිය සහයක එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බවුසරයේ රියදුරු සහ සහයක තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව රියදුරු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

    ලොරි රථයේ රිය සහයක කඩවත පදිංචිකරුවෙක් වන 72 හැවරදි වියේ පසුවන්නෙකි. බවුසරයේ රියදුරු ගෝනවල පදිංචි 61 වියැති අයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img