fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටක් බය කළ පිපිරිල්ලේ තිත්ත ඇත්ත

    රටක් බය කළ පිපිරිල්ලේ තිත්ත ඇත්ත

    රටේම ජනතාව බියගන්වමින් පසුගිය මාස කිහිපය තුළ එකදිගට වාර්තා වූ, 7 දෙනකුගේ ජීවිත බිලිගත් ගෑස් ආශ්‍රිත පිපිරීම්වලට හේතුව මෑත කාලීනව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව අද අනාවරණය කර තිබේ.

    එම සංයුතිය වෙනස් වීම නිසා ඇතිවූ සෙසු කරුණු මෙම ගෑස් පිපිරීම්වලට හේතුවූ බව එම විශේෂඥ කමිටුව ඊයේ (20) ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාවේ ද සඳහන් කර ඇත.

    කෙසේවෙතත් ලීට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ ගෑස් සංයුතියේ කිසිදු වෙනසක් වී නොමැති බවත්, ඒ බව තහවුරු කර ඇති බවත්, කිසිදු බියකින් තොරව ගෑස් භාවිතයට ගැනීමට ජනතාවට හැකි බවත් ය.

    අද පැවති මාධ්‍ය හමුවේදී ගෑස් පිපිරුම් සම්බන්ධයෙන් සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ මහතා, කරුණු තහවුරු කළේ මෙලෙස ය.

    “පසුගිය කාලය තුළ මේ අනතුරු වැඩිවීමට හේතුව කුමක් ද? ඇත්තටම මුළු සමාජයම අහන ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මම ඕකට පිළිතුරු නොදුන්නොත් ප්‍රශ්නයක් වෙයි.

    අපි ගත්තොත් එහෙම අපේ වාර්තාවේ සඳහන් වෙනවා පසුගිය නොවැම්බර් මැද සිට දෙසැම්බර් දක්වා ගත්තොත් මේ ගෑස් පද්ධතිය ගත්තොත් කවුරුත් දන්නවා ගෑස් සිලින්ඩරය තියෙනවා. ඊට පස්සේ උපාංග තියෙනවා. අපි රෙගියුලේටරය කියනවා. ඊළඟට රබර් නළය සහ උඳුන මේ එක පද්ධතියක්.

    එතකොට අපි පැහැදිලිව හඳුනාගත්තා ඇත්තටම අපි මේක ස්ථානීය පරීක්ෂණ හරහාත් අපි සාක්ෂාත් කරගත්තා. අනෙක් කිසිදෙයක් වෙනස් වෙලා තිබුණේ නෑ. වෙනස්වෙලා තිබුණ මුලික දේ තමයි මේ සිලින්ඩරය තුළ තියෙන ගෑස්. ඇත්තටම ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල්වලට වෙනස් වෙනස් විදියට ලැබෙනවා. ඒත් එක්කම සිලින්ඩරයත් ලැබෙනවා.

    නමුත් අපේ අධ්‍යයන කමිටුව පැහැදිලිව දෙන නිගමනයක් තමයි සිලින්ඩරය පුපුරා යෑමට තියෙන අවකාශය ඉතාම අවමයි. අවසානයේ අපිට නිරීක්ෂණය කරන කොට අපි දැකපු කරුණක් තමයි පසුගිය කාලය තුළ සංයුතියේ යම් ඉහළයෑමක් සිදුවෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා…

    සංයුතියේ සිදුවු වෙනස්වීමක් සමග ඇති වු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරුවලට හේතු වුණේ කියන එක තමා අපේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ” යැයි ද විශේෂඥ කමිටුවේ සභාපතිවරයා අවධාරණය කර සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.