තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේ වාර්තා වූ ගෑස් ප්‍රශ්න 800 පනී - මරණ 7ක්

    මේ වසරේ වාර්තා වූ ගෑස් ප්‍රශ්න 800 පනී – මරණ 7ක්

    වසරේ මේ දක්වා කාලය තුළ ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගෑස් ආශ්‍රිත සිදුවීම් 847ක් වාර්තා වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජික බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ බව කීය.

    පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ ගෑස් ආශ්‍රිත සිදුවීම් 31ක් පමණක් බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම 2019 වසරේ ද ගෑස් ද ආශ්‍රිත සිදුවීම් 18ක් වාර්තා වී ඇත.

    මේ වසරේ එය ඉහළම අගයක පවතින බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වූ ගෑස් ආශ්‍රිත අනතුරු පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img