fbpx
තවත්
    මුල් පිටුවCOVID9 වැනි කොවිඩ් එන්නතත් WHO අනුමත කරයි

    9 වැනි කොවිඩ් එන්නතත් WHO අනුමත කරයි

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 9 වැනි COVID-19 එන්නත ද හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කර තිබේ.

    අඩු ආදායම්ලාභී රටවල එන්නත් සඳහා ප්‍රවේශය වැඩි කිරීමේ අරමුණින් පෙරේදා (17) මෙම පියවර ගෙන ඇත.

    කොවෝවැක්ස් (Covovax TM) ලෙස නම් කර ඇති මෙම එන්නත, Novavax හි බලපත්‍රය යටතේ ඉන්දියාවේ Serum ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබයි.

    COVAX පහසුකම සඳහා ලබාදෙන එන්නත් ගොන්නට ද මෙය ඇතුළත් වනු ඇත.

    අඩු ආදායම්ලාභී රටවල වැඩි පිරිසකට එන්නත් ලබාදීමේ අඛණ්ඩ ප්‍රයත්නයන්ට බෙහෙවින් අවශ්‍ය තල්ලුවක් මෙමගින් ලබා දෙයි.

    WHO හි හදිසි භාවිතය සඳහා එන්නත් අනුමත කිරීමේ ක්‍රියා පටිපාටිය COVID-19 එන්නත්වල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තක්සේරු කරයි.

    එමෙන්ම එය COVAX එන්නත් සැපයීම සඳහා පූර්ව අවශ්‍යතාවයකි.

    COVID-19 එන්නත් ආනයනය කිරීම සහ බෙදාහැරීම සඳහා ඔවුන්ගේම නියාමන අනුමැතිය කඩිනම් කිරීමට එය රටවල්වලට ඉඩ සලසයි.

    ‘නව ප්‍රභේද මතුවෙමින් තිබියදීත්, එන්නත් SARS-COV-2 හි බරපතල රෝගාබාධ සහ මරණයෙන් මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා වඩාත් ඵලදායී මෙවලමක් ලෙස පවතී’ යනුවෙන් WHO ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මේරිඇන්ජෙලා සිමාඕ පැවසීය.

    ‘මෙම ලැයිස්තුගත කිරීම විශේෂයෙන් අඩු ආදායම්ලාභී රටවල ප්‍රවේශය වැඩි කිරීම අරමුණු කර ගෙන ඇති අතර, ඉන් 41 දෙනෙකුට තවමත් ඔවුන්ගේ ජනගහනයෙන් 10% එන්නත් කිරීමට නොහැකි වී ඇති අතර රටවල් 98 ක් 40% දක්වා ළඟා වී නොමැත.’ බව හෙතෙම කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.