fbpx
තවත්
    මුල් පිටුවspecialලොව විශාලතම මිරිදිය තෙත් බිමේ අවසන් හුස්ම හෙලූ කෝටියකට අධික ජීවිත

    ලොව විශාලතම මිරිදිය තෙත් බිමේ අවසන් හුස්ම හෙලූ කෝටියකට අධික ජීවිත

    ලොව විශාලතම මිරිදිය තෙත් බිම ලෙස සැලකෙන පැන්ටනල් තෙත් බිමේ 2020 වර්ෂයේදී ඇති වූ ගිණි ගැනීම් හේතුවෙන් සතුන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මරණයට පත්ව ඇති බව නවතම ගවේෂණයකින් අනාවරණය වේ.

    ඒ අනුව උරගයින්, කුරුල්ලන් ඇතුලු පෘෂ්ඨවංශික සතුන් එක්කොටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මෙම ගිණි ගැනීම්වලින් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇති බව විද්‍යාඥයින් පවසයි.

    මෙම ගිණි ගැනීම් 2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා වරින් වර හටගෙන තිබුණු අතර එමගින් පැන්ටනල් තෙත් භූමියෙන් සියයට 30කට අධික ප්‍රතාශයක් ගිණිගෙන විනාශයට පත්ව ඇති බවද වාර්තාවේ.

    ලෝක වනසත්ව අරමුදලේ බ්‍රසීලයේ ශාකාවට අනයුත්තව කටයුතු කරන ආචාර්ය මරීයානා නැපොලිටානෝ පවසන්නේ 2020 වර්ෂය තුල අදාල තෙත් බිමේ ගිණි ගැනීම් විසි දෙදහසක් පමණ වාර්තා වී ඇති බවයි.

    පැන්ටනල් තෙත් බිමේ හටගන්නා ගිණි ගැනීම් ස්භාවික ගිණි ගැනීම් නොවන අතර 2020 වර්ෂයේ ඇති වූ ගිණි ගැනීම් මහා ව්‍යවසනකාරී මට්මේ ගිණි ගැනීම් බවයි ආචාර්ය ඇලෙස් ලී පෙන්වා දෙන්නේ.

    අචාර්ය ලී පවසන පරිදි පැන්ටනල් කලාපයේ සාමන්‍යයෙන් ගිණි ගැනීම් වාර්තා වන බවත් එලෙස ගිණි ගැනීම් වලට ලක්වෙන ප්‍රදේශ වල යලිත් ස්භාවික යලිත් පෙරපැවති තත්ත්වය පත්වෙන බවයි.

    එහෙත් පසුගිය කාලයේ වාර්තා වූ ගිණිගැනීම්වලින් එවැන්නක් සිදුනොවන බවත් දිගින් දිගටම එවැනි ත්ත්වයක් පැවතියහොත් එය අදාල පරිසර පද්ධිතිය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිබවද ඔහු පේනවා දෙයි.

    මෙම ගවේෂණයේ මූලික අරමුණ වී ඇත්තේ මරණයට පත්වූ සතුන් සංඛ්‍යාව ගණනය කිරීම වන අතර ගිණි ගැනීම් වලට ලක්වූ ප්‍රදේශවලට පැය 48ක් තුල ලගාවී එම ස්ථාන පරීක්ෂා කිරීමටත් ඔවුන්ට හැකියාව ලැබී ඇත.

    එහිදී පර්යේෂණ කණ්ඩායම්වලට සත්ව විශේෂ 300ක් පමණ හඳුනා ගැනීමට හැකිවී ඇති අතර ඒ අනුව ඔවුන් පරීක්ෂා කළ ස්ථාන සමඟ සංසන්ධය කරමින් මරණයට පත්ව ඇති සමස්ථ සතුන් ප්‍රමාණය ගණනය කර තිබේ.

    මෙම පරීක්ෂණවලට එක්වූ ආචාර්ය වැල්ෆ්‍රීඩෝ තෝමස් පෙන්වා දී ඇත්තේ අදාල ගිණි ගැනීම් වල ප්‍රභලත්ව සලකා බැලීමේදී එමගින් මරණයට පත්ව ඇති සමස්ථ සතුන් ගණන පිළිබඳ තමන් පුදුමයට පත් නොවුනත් ඉන් එක්තරා සීමිත සත්ව විශේෂ කිහිපයකට වැඩි බලපෑමක් එල්ලවීම පිළිබඳ තමන් විමතියට පත්වන බවයි.

    ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ අදාල ගිණි ගැනීම් වලින් සර්ප විශේෂ රැසක් මරණයට පත්ව ඇති බවයි. එමගින් සර්පයින්ගේ ගොදුරු බවට පත්වෙන කුඩා ක්ෂීරපායි සතුන්ගේ සහ ගෙම්බන් වැනි සතුන්ගේ ගහණය පාලනය වීම පිළිබඳ ගැටලුවක් ඇති වන බවයි.

    එවැනි තත්ත්වයක් මත ඉදිරියේදී පාරිසරික සමතුලිතභාවය පිළිබඳවද ගැටලු මතුවිය හැකි බවද ඔහු වැඩිදුරත් පේනවා දෙයි.

    පැන්ටනල් තෙත්බිම පැරගුවේ ගඟෙහි උතුරු ප්‍රදේශය සහ එම ප්‍රදේශවල පිහිටා ඇති අතු ගංගා මගින් පෝෂණය වනු ලබයි, වැසි කාලයට මෙම ප්‍රදේශ පිටාර ගැලීම මගින් බ්‍රසීලයේ මධ්‍යම සහ බටහිර ප්‍රදේශ, බොලිවියාවේ නැගෙනහිර දිග ප්‍රදේශ සහ පැරගුවේහි ඊශානදිග ප්‍රදේශ යටවීම මගින් මෙම විස්මිත තෙත් බිම නිර්මාණය වී ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.