fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞදිය ත්‍රස්තවාදයේ දොරටුවක් වසයි - ඉස්ලාම් සංවිධාන 2ක් තහනම්

    සෞදිය ත්‍රස්තවාදයේ දොරටුවක් වසයි – ඉස්ලාම් සංවිධාන 2ක් තහනම්

    සෞදි අරාබි රජය විසින් තබ්ලිගි ජමාත් සංවිධානය සහ දා’වාහ් කණ්ඩායම හෙවත් අල්-අබාබ් ලෙස හඳුන්වන සංවිධාන තහනම් කර තිබේ.

    ඒඅතර, එය ‘සමාජයට අනතුරක්’ සහ ‘ත්‍රස්තවාදයේ එක් දොරටුවක්’ ලෙස නම් කරමිනි.

    සෞදි රජය මුස්ලිම් පල්ලි වෙත උපදෙස් දී තිබුණේ එම සංවිධානයේ සාමාජිකයන් සමඟ ඇසුරු කිරීම හෝ ඔවුන්ගේ දේශන සඳහා සහභාගි නොවන ලෙස මීළඟ සිකුරාදා ආගම සිහිකරන දේශනයේදී මිනිසුන්ට අනතුරු අඟවන ලෙසයි.

    රටේ ඉස්ලාමීය කටයුතු අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය.

    ඒ පල්ලිවල පූජකවරුන් විසින් මෙම කණ්ඩායම්වලින් සමාජයට සිදුවන හානිය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද පවසමිනි.

    මෙම කණ්ඩායමේ නොමග යැවීම, අපගමනය සහ අන්තරාය පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් කළ යුතු බවත්, ඔවුන් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කළත් එය ත්‍රස්තවාදයේ දොරටුවලින් එකක් බවත් සලකන්නැයි අමාත්‍ය ආචාර්ය අබ්දුලතිෆ් අල්-ෂෙයික් ද උපදෙස් දී ඇත.

    ඊට අමතරව, ඔවුන්ගේ ‘ප්‍රමුඛතම වැරදි’ සඳහන් කළ යුතු අතර, ඒවා ‘සමාජයට අනතුරක්’ බව සඳහන් කළ යුතු අතර ‘(Tablighi සහ Da’wah Group) ඇතුළු පක්ෂග්‍රාහී කණ්ඩායම් සමඟ සම්බන්ධ වීම සෞදි අරාබි රාජධානියේ තහනම් බව ප්‍රකාශයක් නිකුත් කළ යුතුය.’ යනුවෙන් ද රජය නිවේදනය කර තිබුණි.

    තබ්ලිගි ජමාත් යනු, බහුජාතික සුන්නි ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයක් වන අතර එය ඉන්දියාව පදනම් කරගෙන බිහිවූ ව්‍යාපාරයක් යැයි ද පැවසේ.

    එය මුස්ලිම්වරුන්ට අනුශාසනා කිරීම සහ සුන්නි ඉස්ලාමයේ නිර්මල ස්වරූපය යැයි පෙන්වාදෙන මතවාදය අනුගමනය කිරීමට සෙසු සාමාජිකයින් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

    සෞදි අරාබි රජය ගත් මෙම පියවර පිළිබඳ මෙරට රජය ද සිය අවධානය යොමුකළ යුතු බව එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසීය. ඒ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි.

    කොවිඩ් -19 සමාජ දුරස්ථභාවය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ සාමාජිකයින්ගෙන් සමහරෙකුට චෝදනා එල්ලවීමෙන් පසු පොලිස් නඩු මධ්‍යයේ මාස 21 ක් ඉන්දියාව තුළ ගත කිරීමෙන් පසු එම සංවිධානයේ 600කගෙන් යුත් අවසාන විදේශිකයන් කණ්ඩායම ඉන්දියාවෙන් පිටව ගොස් සතියකට පසුව තබ්ලිගි ජමාත් මර්දන තීරණය සෞදිය විසින් ගෙන තිබුණි.

    තබිලිගි ජමාත් යනු, 1926 දී ඉන්දියාවේ ආරම්භ කරන ලද සංවිධානයක් වන අතර විශේෂයෙන් ඇඳුම් ඇඳීම, පෞද්ගලික හැසිරීම් සහ චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධයෙන් ආගමික වශයෙන් පිළිපදින ලෙස මුස්ලිම්වරුන්ට බලපෑම් කරනු ලබන සංවිධානයකි.

    මෙම සංවිධානයට ලොව පුරා සාමාජිකයින් මිලියන 400 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත. ඇතැම් රටවල මෙලෙස තහනම් වුවත් යුරෝපයේ සෙමෙන් එහි සාමාජිකයන් වර්ධනය වන බවට එම සංවිධානය මෑතදී පවසා තිබුබණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.