තවත්
    මුල් පිටුවCOVIDශ්‍රීපාදේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි - පාද මළුවේ රැ‍‍ඳනේනත් බෑ

    ශ්‍රීපාදේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි – පාද මළුවේ රැ‍‍ඳනේනත් බෑ

    ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කර තිබේ.

    ලබන 18 වැනිදා සිට 2022 මැයි 16 වැනිදා දක්වා ශ්‍රීපාද වාරය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    මෙම වාරය තුළ ශ්‍රී පාද වන්දනාවේ නිරතවීමට බලාපොරොත්තු වන අය සඳහා තවත් COVID-19 මාර්ගෝපදේශ කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

    වන්දනාවේ යෙදෙන බැතිමතුන් එන්නත්කරණය කළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායා පිටපතක් ළඟ තබාගත යුතු ය.

    ආහාර පාන දන්සැල් තහනම් වන අතර මුඛ ආවරණ හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය දන්සැල් පමණක් පවත්වාගෙන යා හැකිය.

    වන්දනාකරුවන් මුඛ ආවරණ පැළඳ ගමන් කිරීම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අපේක්ෂා කරයි.

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බව ද ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    2258-03-S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img