තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්බර රටා කලාල සංස්කෘතික උරුමයක් ලෙස යුනෙස්කෝව පිළිගනී

    දුම්බර රටා කලාල සංස්කෘතික උරුමයක් ලෙස යුනෙස්කෝව පිළිගනී

    මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුවේදී දුම්බර රටා කලාල යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් ලෙස පිළිගෙන තිබේ.

    පැරිස් නුවරදී අද දින ඒබව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙනි.

    රටවල් 184 ක් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් , නියෝජිතයින් ඇතුළු 800කට ආසන්න පිරිසක් ඊට එක්ව සිටින්නේ මාර්ගගත ක්‍රමයටය.

    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේ මහත්මිය සහ යුනෙස්කෝ ශ්‍රී ලංකා ශාඛාවේ මහලේකම් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත යන මහත්ම මහත්මීන් එහි ප්‍රධානත්වය උසුලයි.

    යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුව ලබන 18 වැනිදා දක්වා පැවැත්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img